පාර්ලිමේන්තු පොලීසියේ ඕ.අයි.සී නිරෝධායනයේ

0
291

පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයාද නිරෝධායනයට යොමුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු නිරෝධායනයට මෙසේ යොමුවී සිටින්නේ මිරිහාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකවන සිය බිරිඳට කොවිඩ් ආසාදනය වීම නිසා යැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තු පොලීසියේ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකුටද කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය පවසයි.

මේ අතර කොවිඩ් ආසාදනයවූ පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් සහ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූ පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (30) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

පොලිස් නිලධාරිහු සහ පාර්ලිමේන්තු නිලධාරිහු විස්සකට ආසන්න පිරිසක් කොවිඩ් වයිරසයට පසුගිය කාලයේදි වරින්වර ගොදුරු වූහ.

කොවිඩ් වයිරසයට මේ දක්වා ගොදුරු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 25 කට ආසන්නය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here