Monday, January 13, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට විභාගයකින් තොරව විශ්ව විද්‍යලෙවලට, නීති විද්‍යාලයට ඇතුළත්වීමට වරමි දෙන්න – කිරිඇල්ලගෙන් අපූරැ යෝජනාවක්

පසුගියදා පාර්ලිමේන්තුවෙිදී අධ්‍යාපන අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවෙි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අපූරැ යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විභාගයකින් තොරව විශ්ව විද්‍යාලවලට, නීති විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව උදාකර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධානසංවිධායකවරයාගෙන් ඉල්ලීමයි

මෙහිදී වෛද්‍ය පීඨවලට මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගෙන ඇත්තේ දෙසීයක් අඩුවෙන් හෙයින්  ඒ පිළිබඳව සොයා බලන ලෙසද  කිරිඇල්ල මහතා මෙහිදී  රජයෙන් ඉල්ලීමක් කළේ‍ය.

ඔහු මෙම ඉල්ලීම් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ  පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය. මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන පසුබිම ගැනද අද කතාබහට ලක්වන බවත්  ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට  වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි බවත්  කිරිඇල්ල මහතා කීවේය. මේ පාර්ලිමේන්තුවට එන්නේ  බුද්ධියක් තියෙන හොඳ හැකියාවක් ඇති අය බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එසේ නැතිනම් මෙතනට පැමිණිය නොහැකි බවද ප්‍රකාශ කළේය. ඡන්දයක්  දිනන එක  කොච්චර අමාරු  වැඩක්දැයි කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේ වසර පහක් හයක් සිටිද්දී ආභාෂයෙන් ලොකු දැනුමක් ලැබෙන බවත් මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලවලට,  නීති  විද්‍යාලවලට  ඇතුළත්වීමට අවස්ථාව උදා කළ හැකි බවත් ඔහු පැවසුවේය.

මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට එක්දාස් නවසිය හැත්තෑ ගණන්වලදී  විභාගයක් නොමැතිව නීති විද්‍යාලයට ඇතුළත්වීමට හැකිවූ බවද ඒ අවස්ථාව උදා කළේ සෑම් විජේසිංහ හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයා බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට පවා නීති විද්‍යාලයට යෑමට එදා අවස්ථාව උදාවූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය .

මෙහිදී අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රීවරයා,

“මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපනය මදි කියලා හැමදාම කතා කරනවා. අපි ඒ අයට උදව් කරමු. පාර්ලිමේන්තුවට එන්නේ මොකක් හරි දක්ෂතාවයක් තිබෙන නිසානේ. නැත්නම් කොහොමද ඡුන්දයක් දිනලා පාර්ලිමේන්තු එන්නේ? හරි අමාරු වැඩක්. ඒ නිසා නීති විද්‍යලයට හරි, විශ්වවිද්‍යලයට හරි යන්න වැඩපිළිවෙළක් හදමු. අතීතයේ මේ දේ වෙලා තිබෙනවා. එක්දහස් නවසිය හැත්තෑගණන්වලදී මේ සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකුට විභාගයක් නැතිව නීති විද්‍යලයට ඇතුළුවෙන්න ලැබුණා.

මහින්ද රාජපක්‍ෂ මහතා මේ ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රයෝජනගත් අයෙක්. ඔහුට නීති විද්‍යලයට ඇතුළුවෙන්න ලැබුණා. තරුණ මන්ත‍්‍රීවරු ඉන්නවා. ලෝකයේ සෑම විශ්වවිද්‍යලයක්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පමණක් ගන්නවා. අපි ඒ අයගේ අධ්‍යාපන මට්ටම නංවන්න කටයුතු කරමු.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles