පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍යයි

0
288

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය වැඩි කළ යුතු බව සියලු දෙනා පිළිගන්නා බව කී ඔහු පසුගිය දශක කිහිපය තුළම එම ගෞරවය විශාල වශයෙන් අර්බුදයකට ලක් වූ බවද පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා ගෞරවය රැක ගැනීම වැදගත් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය තක්සේරු කිරීමට ක්‍රමවේදයක් ගෙන ඒම වැදගත් බවද මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අදාල ආර්ථික සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here