පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගෙන් 20% අධ්‍යාපන සුදුසුකම් ලබාදීම මගහැරලා

0
437

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම  මග හැර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්  යම් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යා යුතු හෙයින්  ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි  පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර ඇත්තේ කාලයකට පෙර සිටය.

එහෙත් කොටසක් එම ඉල්ලීමට තවමත් සාර්ථක ප්‍රතිචාර දක්වා  නැති  බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන්  තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වැඩි වශයෙන්  ඉල්ලන  තොරතුරු අතර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශේෂිතය.

එහෙත් මන්ත්‍රීවරුන් කොටසක්  අධ්‍යාපන සුදුසුකම් එලෙස ලබා නොදීම නිසා  තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබාදීම කළ නොහැකිවී ඇතැයි  පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here