Friday, January 24, 2025

පාරේ නැත්තේ බස් විතරයි.. ඇදිරි නීතිය මැද බස් දුවන්න ක‍්‍රමයක් හදන්න.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන මේ මොහොතේ බොහෝ කර්මාන්ත හා සේවා රට තුළ පවත්වාගෙන යමින් ඇති බවත් මාර්ගයේ ගමන් නොකරන්නේ බස්රථ පමණක් බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා පවතින තත්වය තුළ බස්රථ සේවය ද පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර දෙන්නැයි ඉල්ලා සිටින බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.

කොරෝනා තත්ත්වය තුළ කර්මාන්ත පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කළ ද බස් කර්මාන්තය පවත්වාගෙන යාමට කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නැති වීම කණගාටුවට කාරණයක් යයිද ඔහු පැවසීය.

බස් කර්මාන්තයේ යෙදෙන බස් රථ හිමියන් දස දහසක් සහ සේවකයන් පනස් දහසක් පමණ සිටින නිසා ඔවුන් පවතින තත්ත්වය මත දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද පැවසූ ඔහු මෙම කර්මාන්තය ද පවත්වාගෙන යාම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles