පාසල්වල වැඩිපුරම සිටියේ පොලීසියේ අය

0
296

පාසල් ආරම්භ කළත් ගුරු – විදුහල්පති සහ දරුවන් වෙනුවට ඊයේ (21 දා) පාසල්වලට වැඩි වශයෙන් පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් කිහිපදෙනකු යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව මගින් ගුරු – විදුහල්පතිවරුන්ට තර්ජනය කර බියවැද්දවීම් තුළින් පාසල්වලට ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ගුරු – විදුහල්පතිවරුන් ඒවාට බියනොවී වැඩ වර්ජනය සාර්ථක කිරීමට සහය ලබාදී තිබූ බවද ස්ටාලින් මහතා පැවසීය.

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මේ වනවිට කැබිනට් අනුකමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් එම නිර්දේශ එකවර කි‍්‍රයාත්මක කරන ලෙස ගුරු – විදුහල්පති සංගම්වල ඉල්ලීම බවත් ඒ මහතා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here