පාසල් ආරම්භය පිළිබඳව අධ්‍යාපන ඇමති ගෙන් විශේෂ ප්‍රකාශයක්

0
298

ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ක්‍රමනාකූලව සෞඛ්‍ය රීතින්ට අනුකූලව එම කටයුතු සිදුකළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළේ ඉදිකිරීම් ආරම්භ කරමිනි. මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ මාසය ඉකුත්වීමට පෙර ක්‍රමානකූලව අඩියෙන් අඩිය අපේ රටේ ප්‍රාථමික පාසල් විවෘත කිරීමට පුළුවන් කියන ඉලක්කයට අපි ගමන් කරනවා කියන එක මේ දිනයේ දී ප්‍රකාශ කරන්න ඕනේ. ක්‍රමානුකූලව සෞඛ්‍ය රීති අනුව සුද්ද පවිත්‍ර කරලා, අදියරයෙන් අදියර පාසල් විවෘත කරන්න පුළුවන් කියන ඉලක්කයට අපි වැඩ කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here