Tuesday, September 24, 2024

පාසල් ගිනි තියපු අය පාසල් විවෘත කරනවට කැමති නැහැ

ඇතැම් වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ “පාසල් ගිනිතියලා පාසල් වහලා දරුවන්ගේ අතට ආයුධ දීපු දේශපාලන පක්ෂ මේවා මෙහෙයවනවා. ඒ අය කැමති නෑ කවදාවත් පාසල් විවෘත කරලා දරුවන්ට අධ්‍යාපනය දෙනවාට” ලෙසිනි.

පාසල්වලට නොගොස් දරුවෝ අවුරුදු දෙකක් ගෙදර සිටි බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වන ගම් මට්ටමින් යෞවන සමාජ හරහා පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

දරුවන්ට එන්නත්කරණය අද සාර්ථකව ආරම්භ කළ බවත් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් සෑම රටක් සමඟම සාකච්ඡා කර නිසි ක්‍රමවේද අනුව එන්නත් ලබා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

පොහොර අර්බුදය ගැනද සඳහන් කළ අමාත්‍යවරයා පවසා සිටියේ “විපක්ෂය චෝදනා කරාට පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු කරන්න සූදානම්.. විපක්ෂයේ වසර දෙකක් ලංකාවට පොහොර ගේන්නේ නැතුව හිටියා. දැන් තමයි මේ අයට මේවා මතක් වෙලා තියෙන්නේ” යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles