Saturday, September 21, 2024

පාසල් ගිය පළමු දවසෙම රිය අනතුරකින් දිවි අහිමි වූ පුංචි දැරිය

රියඅනතුරකින් අවුරුදු 10 ක් වයසැති දියණියක් ජිවිතයෙන් සමුගෙන තිබෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී මෙම අවාසනාවන්ත රිය අනතුර සිදුව තිබුණා.

රම්‍යා නම් මේ පුංචි දැරිය අලුත් පාසලකට ගිය පළවැනි දිනයේ මෙය සිදුව ඇති බවත් ඇය පාසල නිමවී නිවසට යාම සඳහා ත්‍රීවීල් රථය ළගට යන අවස්ථාවේදී වේගයෙන් පැමිණි කාර් එකක් දැරියව යටකරගෙන ගොස් තිබෙනවා.

එම කාර් එක ධාවනය කරලා තියෙන්නේ අවුරුදු 20 ක් වයසැති ඉංජිනේරු සිසුවෙක්.

තවත් යාළුවෝ දෙදෙනෙක් සමග පැමිණ ඇති ඔහුට රියදුරු බලපත්‍රයක් නොමැති බවත් මත්පැන් පානය කර ඇති බවවත් වාර්තා වනවා.

අනතුරට පත්වීමෙන් පසුව දැරිය රෝහල් ගතකර සතියකින් පසුවයි ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

හිසේ ඇතිවූ අභ්‍යන්තර ලේ ගැනීමක් නිසා දැරිය මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. තවද රථය පැදවූ පුද්ගලයා සහ එහි ගමන් ගත් තරුණයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles