පාසල් දැරිය අපයෝජනය කළ රියැලිටි ගායකයා අත්අඩංගුවට

0
287

කඳාන පොලිස් වසමට අයත් වැලිගම්පිටිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බව කඳාන පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දිනවල රුපවාහිනියේ විකාශනය වෙමින් පවතින ප්‍රසිද්ධ සංගීත වැඩසටහනක තරග වදිමින් සිටින 19 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

බරපතළ ලිංගික දූෂණයට හා අපයෝජනයට ලක්ව ඇති දැරිය මේවන විට වෛද්‍ය පරික්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ ඇගේ නිවසේදීම බව පරික්ෂණ කටයුතුවලදී හෙළිවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රසිද්ධ විදුහලක 13 වසරේ අධ්‍යාපනය ලබන වල්පොල රුග්ගහවිල පදිංචි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

සැකකරුගේ පියා ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයක ගණකාධිකාරිවරයකු වශයෙන් සේවය කරන අයකු බවත් මව රජයේ ප්‍රසිද්ධ රෝහලක හෙදියක් බවත් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here