පාසල් නොවැම්බරයේ….?

0
468

එළඹෙන නොවැම්බර් මාසයේ දී පාසල් විවෘත කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

දිවයින පුරා පාසල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව හෙට වන විට සකස් කර ලබාදෙන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ. 

විශේෂඥ වෛද්‍යවරු, තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය මත එම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සකස් කර ජනාධිපතිවරයාට භාරදීමට නියමිතයි. පාසල් විවෘත කිරීමට අදාළ සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සකස් කර තිබෙනවා. එම සැලසුමට අනුව නොවැම්බර් මාසයේ දී පෙර පාසල් විවෘත කිරීමට නියමිතයි. 

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා පැවැති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද අවධානය යොමු කෙරුණා. ළමයින් අඩු ග්‍රාමීය පාසල් හා ප්‍රාථමික පාසල් විවෘත කළ හැකි බවයි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එහිදී පෙන්වා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here