Friday, January 10, 2025

පාසල් පටන් ගත්තත් අපි උගන්වන්න එන්නෙ නෑ – ස්ටාලින්

පාසල් විවෘත කළ ද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරු සහභාගී වන්නේ නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.

දැනටමත් මාර්ගගත ඉගැන්වීම්වලින් තම සංගම් නියෝජිතයන් ඉවත් වී සිටින බවද එම සන්ධානය සඳහන් කළහ.

පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර රජය තම ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවත් එම සන්ධානයේ නායකයන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

මෙම ප්‍රශ්නය සාකච්ඡා කර විසඳුමක් ලබා නොදුනහොත් දැවැන්ත තීන්දුවක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහිදී සඳහන් කළේය.

මෙි අතර සිය වැටුප් ගැටළුව විසදීමට මෙම අවස්ථාවේ රජය සතුව මුදල් නොමැති බවට වගකිවයුත්තන් කිසිවෙකුත් මෙතෙක් තමන් වෙත ප්‍රකාශ කර නොමැති බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවහොත් සිය ස්ථාවරය පැහැදිලි කළ හැකි බවයි ස්ටාලින් මහතා පැවසුවේ.කෙසේ වෙතත් කෙසේවෙතත් ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ රජය සතුව මුදල් නොමැති බවට සිදුකරන ප්‍රකාශ ගුරු විදුහල්පතිවරුන් පිළිනොගන්නාබවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles