පාසලෙන් කට්ටි පැනලා පෙම්වතාගේ නිවසට ගොස් අඹු සැමියන් සේ හැසිරිලා

0
709

පාසල් යන බව සිය නිවසට පවසා , පාසල් නිළ ඇදුමෙන්ම පැමිණ පෙම්වතාගේ නිවසට ගොස් පෙම්වතා සමග අඹුසැමි ඇසුරක් පවත්වමින් සිටි පාසල් සිසුවියක් පිළිබදව වාර්තා වෙනවා. ඇය අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ් පාසලක අධ්‍යාපනය හදාරමින් සිටින සිසුවියක් බව සදහන්.

උසස් පෙළ අධ්‍යාපනය ලබන 18 හැවිරිදි සිසුවිය ඇගේ පෙම්වතා සමග කලක සිට පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.පසුගිය දිනක පාසල් යන බව පවසා ඇය අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ පෙම්වතා ඇය ත්‍රිරෝද රථයකින් නිවසට රැගෙනවිත් තිබෙන අතර මේ බව දුටු කිසිවෙකු විසින් හෝ සිදුවීම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබෙනවා.

පුත්‍රයා තරුණ සිසුවිය නිවසට රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ මව ඔවුන් දෙදෙනාට රිසිසේ නිවසේ සිටීමට ඉඩහැර නිවසින් පිටවී ගොස් ඇති අතර ‍පොලීසිය පැමිණෙන අවස්ථාවේ ඔවුන් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව ‍පොලීසිය පවසනවා. සිසුවියගේ පාසල් ඇඳුමේ ටයි පටිය හා ‍පොත් බෑගය ‍පොලීසියට පෙම්වතාගේ නිවසේ තිබියදී හමු වී ඇති බවත් සදහන්.

වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ‍පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් විසින් සිසුවිය, ඇයගේ පෙම්වතා හා ඔහුගේ  මව අත්ඩංගුවට ගෙන තිබූ අතර සිසුවියන්ගේ දෙමාපියන් ‍පොලීසියට කැඳවීමටද එහි ස්ථානාධිපතිවරිය කටයුතු කර තිබූ බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here