පාස්කු චෝදනාවලින් හේමසිරි ප්‍රනාන්දු නිදහස් කරයි ද නැද්ද ? අවසන් තීන්දුව පෙබරවාරි 18

0
286

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අවසන් කර තිබේ.

එම චෝදනාවලින් ඒ මහතා නිදහස් කරන්නේද? විත්ති වාචකය කැඳවන්නේ ද? යන නියෝගය ලබන මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එම නඩුව අද (19) නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන බවය.

එම කරුණ සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන්නේ ද? එසේත් නැතිනම් ඔහු වෙනුවෙන් විත්තිවාචකයක් කැඳවන්නේද? යන නියෝගය ලබන මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here