Sunday, January 19, 2025

පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි සේවයේ සම්බන්ධයක් දිව්රුම් ප්‍රකාශයේ තිබෙන බවට රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි සේවයේ සම්බන්ධයක් තිබුණු බවට ශානි අබේසේකර මහතාගේ දිව්රුම් ප්‍රකාශයේ තිබෙන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඊයේ පැවසිය.පාස්කු සිද්දිය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළිවෙමින් තිබෙන බවත් එම පරීක්ෂණ සම්බන්දයෙන් විමර්ශනය කිරීමට අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

ජනාධිපති කොමිසමේ වාර්තා අනුව කිහිප දෙනකුට එරෙහිව නඩු පැවරීමට යෝජනා කර තිබුණ ද පරීක්ෂණ සම්පූර්ණ කළ පසුව නඩු පවරනු ලැබුවේ හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව පමණක් බව කී වික්‍රමසිංහ මහතා අනෙක් විත්තිකරුවන් දෙදෙනා සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරනු ලැබූ බවත් කීවේය.

එමෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරයකුත් තවත් දෙදෙනකුත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තත් ඔවුන් ද දැන් නිදහස් කර තිබෙනවා. ශානි අබේසේකර මහතාගේ දිවුරුම් ප්‍රකාශයේදී මේ ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුණ බව පවසනවා.

මෙය 2019 වසරේ නොවැම්බර් මාසයට පෙරත් ශානි අබේසේකර සඳහන් කර තිබෙනවා. කරුණු සියල්ලම සලකා බැලූ විට පෙනෙන්නේ මේ පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බවයි. නිලධාරීන් අත්අඩංගුවට ගන්නෙ ඇයි? මොවුන්ට විරුද්ධව නඩු පවරන්නේ ඇයි? හෙළි කරන අලුත් කාරණා ගැන පරීක්ෂණයක් කරන්නෙ නැද්ද? මේ අලුත් කරුණු ගැන වාර්තා කිරීමට සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles