Thursday, January 16, 2025

පාස්කු ප්‍රහාරයේ යුක්තිය වෙනුවෙන් පාප් වහන්සේගේ සහය

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා කතෝලික සභාව ගෙන යන සටනට පූර්ණ සහයෝගය ලබා දෙන බව පාප් වහන්සේ විසින් දැනුම් දී ඇතැයි, ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව රජයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන්, මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ, සිය කණස්සල්ල, පාප් වහන්සේට ලිපියක් මීට පෙර යවා තිබුණා.

මෙම ලිපියට සතුටුදායක ප‍්‍රතිචාර ලැබී ඇති බව සිරිල් ගාමිණී පියතුමා ප‍්‍රකාශ කරයි.

පාස්කු ප‍්‍රහාරය පිටුපස කුමන්ත‍්‍රණයක් ඇති බවට, හිටපු නීතිපති, දප්පුල ද ලිවේරා සිදු කළ ප‍්‍රකාශය පිළිබදව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කළ යුතුව ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමා යෝජනා කරයි.

එමෙන්ම, පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම මගින් සිදු කර තිබෙන නිර්දේශ සියල්ල ඒ ආකාරයෙන් ම කි‍්‍රයාත්මක කිරීම කතෝලික පල්ලියට අවශ්‍යව ඇති බවද සිරිල් ගාමිණී පියතුමා පවසයි.

වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම තව දුරටත් ප‍්‍රමාද වන්නේ නම්, ප‍්‍රශ්නය ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට පසුබට නොවන බවද උන් වහන්සේ පවසා තිබේ.

පාස්කු ප‍්‍රහාරය පිටුපස කුමන්ත‍්‍රණයක් ඇති බවට, හිටපු නීතිපති, දප්පුල ද ලිවේරා සිදු කළ ප‍්‍රකාශය පිළිබදව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කළ යුතුව ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමා යෝජනා කරයි.

පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ සඳහන් කළේ ශ්‍රී ලංකා රජය යුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් වුවද පැවැත්වීමට පල්ලිය සූදානම් බවයි.

එමෙන් ම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම රට පාවා දීමේ ප්‍රයත්නයක් ලෙස නොසැලකිය යුතු බවත් කතෝලික සභාව විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයක් සපුරාලීම සඳහා ක්‍රියාකරන බවට සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්  ගරු සිරිල් ගාමිණි  පියතුමා සදහන් කළා.

ඩෙිලි මිරර් ඔන්ලයින් වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා මෙි පිළිබඳව අදහස් පළ කර තිබෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles