පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම්
පාර්ලිමේන්තුවට භාරදෙයි

0
270

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දෙයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි 23 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාර දීම සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here