පාස්කු ප්‍රහාරය ගැන අසද්දී හිටපු ජනපති ජනමාධ්‍ය මගහරී

0
255

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හෝමාගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගි විය. උත්සවය අවසන් වී ආපසු යමින් සිටි හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසා සිටියේය.

සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ වෙළඳපොල තත්වය අනුව බඩුමිල ඉහළ යාම සාමාන්‍ය තත්වයක් බවයි.

ඉන්පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු නොදී හිටපු ජනාධිපතිවරයා සිය මෝටර් රථයට නැගී පිටත්ව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here