පාස්කු ප්‍රහාරය ගැන මනූෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

0
363

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කටයුතු කළේය.

වනාතවිල්ලුවේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ ගිනි අවියේ අංක මකා දමා ඇති බව කී නානායක්කාර මහතා මේවා කියන විට අපව රහස් පොලිසියට කැදවන බව කියා සිටියේය.

තවද එදා පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි අල්ලා ගත්විට රුපියල් 5000 කොලවලින් අල්ලස් අරගෙන එම ලොරි නිදහස් කළේ කව්ද.?

එම ලොරිවල අයිතිකාරයා කව්ද, එම ලොරිය නිදහස් කරන්න කී ඉහළ පොලිස් නිලධාරියා ‘මාළු මාළු’ හෝටලයේ සිටියදී එහි බිල ගෙව්වේ කව්ද, ඔහු දැන් මේ රජයේ ඉන්නේ කොතැනද, ඔහු දැන් මෙම ආණ්ඩව සමග කරන ගනුදෙනුව කුමක්ද, ඔහුට එරෙහිව පැවැති නඩුවලට සිදුවූයේ කුමක්ද යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

මෙරට පුජනීය දළදා මාළිගාවට ගොස් මහානායක හිමිවරුන් මුණගැසී දුක් අදෝනා කී පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායමේ මෙම පුද්ගලයාත් සිටියාද යන්නද ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here