පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍ය හමුවේ කතා කළ ෂෙහාන් පස්වෙනි දිනටත් CIDයට ගෙන්වයි

0
288

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන ලෙසත් එහි වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලමින් පසුගියදා මරදාන CSR ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා අදත් (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. 

ඒ අනුව ඔහු අද උදෑසන සිය නීතීඥයින් සහ කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ සිටියේය. 

මෙසේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙන්නේ පස්වෙනි දිනටය. 

මීට පෙර දින හතරක් තුළ ඔහුගෙන් දිනකට පැය 7 – 8 බැගින් දීර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here