පාස්කු වන්දියෙන් ‘ජනපති‘ හැලුණේ ඇයි?

0
347

පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකලැයි තීරණය කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස ඊයේ නියෝග කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක මුදලක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්වරුන්ට මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන් 50ක් ද, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට මිලියන 10ක මුදලක්ද තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ වන්දි අරමුදලට බැර කරන ලෙසත්, රජයෙන් රුපියල් මිලියනයක මුදලක් එම අරමුදලට බැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here