පාස්කු වාර්තාවේ සියලුම වෙලුම් ප්‍රසිද්ධියට පත්කරන්නැයි ඉල්ලීමක්

0
283

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළීබද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ මේ දක්වා ප්‍රසිද්ධියට පත්කර නොමැති සියලුම වෙලුම් ප්‍රසිද්ධියට පත්කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් මහතා ඉල්ලීමක් කරනවා.

අවම වශයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේ හෝ එම වෙලුම් තැන්පත් කරන ලෙසයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා රජයෙන් ඉල්ලා සිටියේ.

සහරාන් නැමති ත්‍රස්තවාදියාට ඉහළින් සිටි සැකකරුවන් අනාවරණ කිරීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් නොමැති බවත් අද වනවිට සමාජයෙන් විරෝධය එල්ලවන්නේ මේ හේතුව නිසා බවත් මුජුබර් රහුමාන් මහතා මෙහිදී කියා සිටියා.

තව දුරටත් අදහස් දක්වමින් මීට අමතරව වත්මන් ආණ්ඩුව ගතවූ වසර එකහමාරක කාලය තුල රට අවාසනාවන්ත තත්වයකට පත්කර ඇති බවත් , ආර්ථික කළමණාකරනයේ වැරදි තීරණ හේතුවෙන් ඉදිරියේදී බරපතල ආකාරයේ භාණ්ඩ හිගයක් රටතුල ඇතිවීමේ අවදානමක් ඇති බවද විපක්ෂනායක කාර්යාලයේ මන්ත්‍රි මුජුබර් රහුමාන් මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here