Sunday, September 22, 2024

පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉටුකරන තෙක් විරෝධතා දිගටම කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුකරන තෙක් මේ වන විට දියත් කර ඇති විරෝධතා දිගටම පවත්වන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ “පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනුස්මරණය” සඳහා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති වැඩසටහනකදීය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට හා ආබාධිතව රෝද පුටුවල සිටින අයටත් සාධාරණයක් ඉටුකිරීමට නම් ප්‍රහාරයේ පිටුපස සිටින සමස්ත සත්‍ය නිරාවරණය කිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවත් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ.

“පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවී වසර දෙකක් ගෙවී ඒ පිළිබඳව කිසිවෙකුට විරුද්ධව නඩු පැවරී නැති වටා පිටාවක් තුළ, එම වින්දිත පවුල්වලටත් සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරයින්ටත් මම පවසන්නේ, පාස්කු දින ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අප දියත් කර ඇති විරෝධතා ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යන බවය.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles