Thursday, December 26, 2024

පැණි බීම සඳහා බද්දක් අය කළ යුතු බව WHO කියයි

පැණි බීම සඳහා සීනි බද්දක් අය කරමින්, ඒවායේ මිල ඉහළ දමා, එම සිසිල් බීම වර්ග පරිභෝජනය අධෛර්යමත් කිරීමට කටයුතු කරන රාජ්‍යයන් සඳහා සහාය පළ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව පැණි බීම වර්ගවල මිල 20% කින් හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි කිරීමෙන් එම බීම වර්ගවල පරිභෝජනය අවම වීමට මෙන්ම, ඒවායෙ පෝෂ්‍යදායීබව වැඩි වීමටද හේතු වනු ඇත.

කෙසේ වෙතත්, මෙවැනි පැණි බීම වර්ගවල සීනි ප්‍රමාණය අඩු කළ යුතු බවට මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබුණත්, ඒවා සඳහා බද්දක් අය කළ යුතු බව මීට පෙර පවසා නොතිබුණි.

විශේෂයෙන්ම සීනි අඩංගු නිෂ්පාදන සඳහා දැනටමත් බදු පනවා ඇති රටවල් ලෙස මෙක්සිකෝව සහ හංගේරියාව පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සෑම පුද්ගලයෙකුම තම ආහාර වේලේ අඩංගු සීනි ප්‍රමාණය 10% දක්වා හෝ 5% දක්වා පහළ තත්ත්වයක තබා ගැනීමට උත්සාහ කළ යුතු බවයි.

එමෙන්ම, මෙම උත්සාහය තුළින් ස්ථුලභාවය, දියවැඩියාව මෙන්ම දත් දිරායෑම වැනි තත්ත්ව අවම කිරීමටත්, පලතුරු සහ කිරිවල අඩංගු ස්වභාවික සීනි හැරුණු විට ආහාරයේ අඩංගු අනෙකුත් සියලුම ආකාරයේ සීනි පරිභෝජනය අවම කිරීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය උත්සාහයක නිරත වන බවද පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles