පැන්ඩෝරා පත‍්‍රිකා යනු නිල වාර්තා නොවේ.ඒ චෝදනා කිසිවක් ඔප්පු කර නෑ… – දිලුම්

0
292

පැනඩෝරා පත්‍රිකා වලින් හෙළිදරව් කර ඇති දේවල් නිල වාර්තාවන් නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ඒවායේ ඇත්තේ යම් මාධ්‍යවේදී කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමීක්ෂණයක හෙළිදරවු පමණක් බව ද ඔහු පැවසීය.
ඒවා ලොව කිසිදු තැනක පරීක්ෂණයක් මාර්ගයකින් ඔප්පු කරන ලද ඒවා නොවන බවත් එනිසා ඒවායේ ඇති චෝදනා සියල්ලම සත්‍ය යැයි පැවසිය නොහැකි බවද අමාත්‍යවරයා ගේ අදහසයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයකුට එල්ල වන චෝදනා පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
පැනඩෝරා පත‍්‍රිකාවන් මගින් එල්ල වන චෝදනා ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here