Tuesday, September 24, 2024

පැනඩෝරා පත්‍රිකා පළකරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් – මුදල් ඇමති

අති විශාල ප්‍රමාණක ධනය සඟවාගෙන සිටින ලොව ප්‍රකට දේශපාලඥයන් සහ ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇමරිකානු මාධ්‍යවේදීන්ගේ සංගමයක් හෙළිදරව් කර තිබේ.
‘පැනඩෝරා පේපර්ස්’ යනුවෙන් නම් කර ඇති මෙහි මිලියන 12 කට අධික ලිපි වලින් යුක්ත බව සඳහන් වේ.

මෙම ලේඛනයන්හී දැනට බලයේ සිටින දේශපාලන නායකයන් 35 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 දෙනෙකු පමණ නම් ඇතුලත්ව ඇතැයි ද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ හිටපු ඇමතිනියක් වන නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන්ද එම හෙළිදරව් වල සඳහන් වන අතර ඇගේ සැමියා වන තිරු නඩේෂන් සම්බන්ධයෙන් ඒවායේ සඳහන් ව තිබේ.

පො

⁣පෙරේදා (4) මුදල් අමාත්‍යංශයේ පැවති රැස්විමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ශ මහාතා පැවසුවේ මෙම පැනඩෝරා පත්‍රිකා වලට හිටපු අමාත්‍යවරියක වන නිරුපමා රාජපක්ශ ගේ නම ඇතුලත් කිරිම සිදුකර තිබෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුලු දේශපාලනයට සමිබන්ධ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ගේ කිර්තිනාමයට හානි කිරිමට බවයි.

තවද හිටපු අමාත්‍යවරියට එල්ල කර තිබෙන මෙම චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බවත් මෙම පැනඩෝරා පත්‍රිකා අන්තර්ජාලයේ පළකරනු ලබන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles