Thursday, January 23, 2025

පැන්ඩෝරා අඳුනනවාද ?

පැන්ඩොරා පත්‍රිකා ගැන හැමෝම මේ දවස් වල කතා වෙනවා.කවුද මේ පැන්ඩෝරා ?

පැන්⁣ඩෝරා කියන්නනෙ ග්‍රික කතා වල එන චරිතයක් .ඇය තමයි පෘතිවියට ආ පලමු කාන්තාව.

ඇයව නිර්මානය කළේ Zeus.

Aphrodite වගේ ලස්සනටත් නිරෝගිවත් ,බුද්ධිමත් වත් ඇයව මවල තිබුනා.

ඇයව පෘතිවියට එව්වෙ Epimetheus ට බන්දල දීලා.Epimetheus ගෙ සහෝදරයා ,Prometheus ගින්දර හොරකම් කර මිනිස්සුන්ට දුන්න නිසා Zeus මිනිසුන්ගෙන් පළිගන්න හිතුව.

පැන්ඩෝරා කසාද බැදල පොලවට එනකොට Zeus මඟුල් තැග්ගක් දුන්න .ඒක jar එකක් .පස්සෙ කාලෙක ඒක box එකක් කියල වැරදියට පරිවර්තනය කරල.

Jar එක දීල නිකම් හිටියෙ නෑ ,තදබල අවවාදයකුත් දුන්න

කිසිම හේතුවකට මේ jar එක ඇර බලන්න එපා කියල

පැන්ඩෝරා බොහොම සුන්දර කාන්තාවක්

හැබයි එයා බොහොම කලබලයි.කුතුහලය පිරිලා.

එයාට ලොකු කුතුහලයක් මේක ඇතුලෙ මොනවද තියෙන්න කියල බලන්න.ඒත් එයා ආමාරුවෙන් ඉවසුවා.

ඉවසල ඉවසල බැරිම තැන දවසක් එයා jar එක ඇරියා

මොනවද දන්නවද එකෙ තිබුනෙ.

ඒක ඇරියට පස්සෙ තමයි පැන්ඩෝරාට තේරුනෙ එයා කරපු මොඩ කම.

එයා කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියල.

එතෙක් මේ ලෝකෙ ⁣නොතිබුන නරක දේවල් රැසක් ඒ jar එකෙන් එලියට ආවා.

දුක,ඉරිසියාව,ක්‍රෝධය ,කුහකකම ,ලෙඩ රෝග ,මරණය වගේ සියලුම දුර්ගුණ ලෝකයට එකතු වුනේ ඒ jar එකෙන් එළීයට ඇවිත් .

පැන්ඩෝරා ගොඩක් දුක්වුනා.

එයා වහාම jar එක වැහුවා.

ඒත් එයා පස්සෙ දැන ගත්තා එකේ එකම එක දෙයක් තාමත් ඉතිරි වෙලා තිබෙන බව ඒ (hope) බලාපොරත්තු. නැත්නම් අභිලාශයන් (expectation)

අපේ ජීවිතත් පැන්ඩෝරා ගෙ jar එක වගේ තමයි

දුක ,ඉරිසියාව, ලෙඩ රෝග හා වෙනත් අකරතැබ්බ වලින් පිරිලා.එහෙම වුනේ එදා පැන්ඩෝරා jar එක ඇරපු නිසාද කියල නම් දනනෙ නැ.ඒත ඒ පීඩන නිසා හැමොම දුක් විදිනව වරින වර හරි.

මේ කතාවෙ කුතුහලය අපිට හානිකර දෙයක් කියල පෙන්නුවට කුතුහලය මානව සංහතියේ පැවත්මට සාධනීය ලෙස බල පාපු දෙයක්. ඒත් සමහර මිනිස්සු වැඩිපුර තීරණ ගන්නෙ කුතුහලය මත මිස මොලෙන් කල්පනා කරල නම් නෙවෙයි.

කොයි තරම් පැන්ඩොරා ලෝකෙට කරදර ගෙනාවත් ඒ jar එකේ බලපොරොත්තුව හා අභිලාශයන් තාමත් තිබෙන බව.

අමතක කරන්න එපා.අපි ජීවත් කරවන්නෙ ඒ බලාපොරොත්තු හා අභිලාශයන් තමයි.

විශාදය වගේ ලෙඩක් හැදුනාම මේ බලාපොරොත්තු බොඳ වෙලා වගේ පේන්න පුලුවන්.ඒත් ඒ ,ඒ වෙලාවට පැහැදිලිව හිතන්න පතන්න බැරි නිසා.

ඉතින් හොදට jar එකේ පතුල කියල හිතල, හිත ඇතුලට බැහැල බලන්න.

බලාපොරොත්තු හොයා ගන්න පුලුවන් වෙයි.ඒක තනියම බැරිනම් මනෝ වෛද්‍ය වරයෙකු පිහිට පතන්න.

සටහන – මනෝ වෛද්‍ය රෑමි රෑබන්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles