පැන්ඩෝරා ගැන කියන්න තිරු නඩේසන් අද අල්ලස් කොමිසම හමුවට

0
293

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අද (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය.

හෙළි නොකළ වත්කම් භාවිත කරමින් විවිධ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පසුගියදා සිදුකළ පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්ව මඟින් තිරු නඩේසන් මහතාගේ නම ද අනාවරණය වී තිබුණි.

පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්වේ සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් සිදුකරන එම විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here