Monday, January 6, 2025

පැන්ඩෝරා ගැන විමර්ශනයක් ඉල්ලා “සජබේ” අල්ලස් කොමිසමට

මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කිරීම් ඇතුළත් පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින්ද අද දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොණු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

පැන්ඩෝරා ලේඛන හරහා මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නම් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අවධාරණය කලා.

විපක්ෂ නායකවරයා සඳහන් කලේ ඊට අමතරව සියලූ බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සගවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය පසුගියදා සමත්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles