පැන්ඩෝරා චෝදනා ගැන රජයේ පියවර අල්ලස් කොමිසමේ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව

0
331

පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කර ඇති කරුණු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව ආණ්ඩුව පියවරක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ නියෝගය මත, අල්ලස් කොමිසම දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පැන්ඩෝරා පේපර්ස් මගින් චෝදනා එල්ල වී ඇති තිරු නඩේෂන් මහතා අල්ලස් කොමිසමට ඊයේ පැමිණ ප්‍රකාශයක් ද ලබා දුන්නේය.

පැන්ඩෝරා පේපර්ස් මගින්,හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියට සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතා ට චෝදනා එල්ල වී ඇති අතර,ඒ ගැන වහාම පරීක්ෂණයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයා අල්ලස් කොම්ෂන් සභාවට නියෝගයක් නිකුත් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් ගණනාවක් ප්‍රශ්න කර ඇති අතර,මේ පිළිබඳ රජයේ ස්ථාවරය වහා රටට ඉදිරිපත් කරන්නැයි ඇමතිවරුන් ගණනාවක් එහිදී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here