හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් ඉකුත්දා විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලන විසින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් සටහන් කරමින් මෙරට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන නම් ලැයිස්තුව අසත්‍ය බවට කරුණු හෙළිවී තිබෙනවා.
ICIJ වෙබ් අඩවිය විසින් පැන්ඩෝරා පත්‍ර මගින් හෙළිවූ ලාංකිකයින් සම්බන්ධයන් තොරතුරු සියල්ලම හෙළි කර තිබෙනවා.
මෙවන් පසුබිමක් මත කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන්ට අවශ්‍ය කරනු ලබන පුද්ගලයින්ව රට හමුවේ අපහසුතාවයට පත් කිරීම පිණිස මෙම ව්‍යාජ නාම ලේඛනයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි හරහා මුදා හැර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත්තේ.
ව්‍යාජව සකස් කරන ලද නාම ලේඛනය තුළ මෙරට විවිධ කේෂ්ත්‍රයන් නියෝජනය කරනු ලබන ප්‍රවීණයින් සිටින බවට කරුණු වාර්තා වනවා.