Thursday, January 23, 2025

පැන්ඩෝරා පේපර්ස් කියන්නෙ මොනවද ? මොකක්ද මේ සිද්ධිය ?

ලොවපුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සඟවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ICIJ යනුවෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැන්ඩෝරා පත්‍ර (Panadora Papers) යනුවෙන් නම් කර තිබෙනවා.ලෝකෙ එතෙක් මෙතෙත් කරපු ලොකුම, මූල්‍ය වංචා හෙළිදරව් කීරිම මේක කියල තමයි කියන්නේ .

ලංකාවෙ අයත් මේ ලේඛන වල ඉන්නවා. මෙලෙස නිකුත් කර ඇති ලේඛන වලට අනුව මෙරට සිටි අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ ගේ නමද ඇතුලත් බවට කරුණු වාර්තා වී තිබෙනවා.

මීඩියා කියන විදියට, මේ ලේඛන වල දැනට ලෝකයේ ඉන්න නායකයින් සහ හිටපු නායකයින් 35 දෙනෙක්ගෙ, රාජ්‍ය නිලධාරීන් 300 වැඩි දෙනෙක්ගෙ නම් ඇතුලත් වෙලා තියෙනවලු.

අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ පවුම් මිලියන 70 ක් රහසිගතව එකතු කරගත්තු ජෝර්දානයේ රජෙක් ගැනත් පැන්ඩෝරා පේපර්ස් වලින් හෙළි කරල තියෙනවා.

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ එයාගෙ බිරිඳ ලන්ඩන් වල කාර්යාලයක් මිලදී ගන්න වෙලාවෙ මුද්දර ගාස්තු විදියට පවුම් 312,000 ක් ඉතුරු කරපු හැටිත් මේ ලේඛන මගින් ඔප්පු කරල තියෙනව කියල විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින්ගේ රහසිගත දේපළ මොනාකෝ රාජ්‍යයේ තියෙනව කියලත් මෙයාල අනාවරණය කරල තියෙනවා.

මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැන්ඩෝරා පත්‍ර (Panadora Papers) යනුවෙන් නම් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles