Saturday, January 11, 2025

පැය 4ක විදුලි කප්පාදුවක් කළ යුතු බවට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ලංකා විදුලිබල  මණ්ඩලය විසින් පවතින තත්ත්වය මත විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන්නැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් එම කොමිසම විසින් ප‍්‍රතික්ෂේප තිබේ.

රට පුරා විදුලි සැපයුම කොටස් 04 ක් යටතේ පැය දෙක බැගින් විදුලි කප්පාදු කළ යුතු බවට මණ්ඩලය විසින් දැනුම් දී තිබිණි.

නමුත් තාවකාලික විසඳුමක් ලෙස විදුලිය කප්පාදු කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

නමුත් ඉල්ලුම ඉහළ යන අවස්ථාවල අවශ්‍යතාවය මත ඇතැම් ප‍්‍රදේශවල විදුලි සැපයුම බිඳ  වැටිය හැකි බවද ඔහු සඳහන් කර තිබේ.

විදුලි ඉල්ලුම අඩු කර ගැනීම සඳහා  විදුලි උපකරණ භාවිතය අඩු කර සහයෝගය දක්වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles