පැරදුණු මහින්දට පක්ෂ සභාපතිකම ඉල්ලයි

0
682

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එහි සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීම නිතිවිරෝධි බවත් එම සභාපතිත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවත් සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කර තිබු නඩුව අද (14දා) විභාගයට ගැණිනි.

ශ්‍රීලනිප සම කාරක සභා සභිකයන් වන්නේ අරුණ ප්‍රියශාන්ත, අසංක ශ්‍රිනාත් යන අය මෙම නඩුව ගොනු කළේය.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ මැතිවරණ කොමසාරිස් විරෝධතා ගොනු කර සිටියේය.

නඩුව පෙබරවාරි 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ දිසා විනිසුරු සනත්.ජේ මොරවක මහතා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here