Saturday, September 21, 2024

පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනපති ප්‍රධානත්වයෙන්

පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන එම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

කර ලේන්සුව පළඳවා ජනාධිපතිවරයා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කෙරිණ.

ජනාධිපතිවරයා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැළය ලියාපදිංචි කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ රට පුරා විසිරී සිටින 70,000කට අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ දෙක බැගින් තම ගෙවත්තේ සිටුවා රැකබලා ගැනීමට නියමිතය. 

“තුරු” ජංගම යෙදුම මගින් වැඩසටහන ඇගයීම සිදු කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles