පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 229ක්

0
410

කොවිඩ් ආසාදිතයින් 253 දෙනෙකු ඊයේ (24) දිනය තුළ අලුතින් හඳුනාගෙන තිබේ.

ඔවුන් අතර පෑලියගොඩ කොවිඩ් – 19 පොකුරේ ආශ්‍රිතයින් 229ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 9ක්, විදේශයන්හි සිට පැමිණි 15ක් සිටින බව වාර්තා වේ. 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 91,018කි.

ඉන් 87,630 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2834කි.

ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 53ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණි.

තවත් ආසාදිතයින් 105 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 12 කින් වාර්තා වී ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here