පිටපළාත් වල ඇන්ටිජන් පරීක්ෂණ නැවැත්වීමෙන් ජනතාව අපහසුතාවට

0
301

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණ දෙකෙන් එකක් වන රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තුව සහතික මිලක් බවට කිරීමත් සමග පිට පළාත්වල රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අත්හිටුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ දුර බැහැර සිට රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ජනතාවට කොළඹට පැමිණීමට සිදු වී තිබෙන බවත් කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහල් කිහිපයක ඇන්ටිජන් පරීක්ෂණය සඳහා දිගු පෝලිම් දැකිය හැකි බවත් ජනතාව පවසති.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් පී.සී.ආර්. සහ රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සහතික මිලකට යටත් කළ අතර එ අනුව රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක ගාස්තුව රුපියල් 2000 ක් බවට පත් කළේය.

කෙසේ වෙතත් පිටපලාත් වල පී.සී.ආර් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here