Wednesday, January 15, 2025

පිටුවහල් කළ ශ්‍රී ලාංකියන් දෙදෙනාට ලක්ෂ 11ක වන්දි – ටෝකියෝ මහාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

නීතිමය පියවර ගැනීමට අවස්ථාව නොදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ජපානයෙන් පිටුවහල් කිරීමට ජපන් අගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබූ තීරණයක් නීතිවිරෝධි බවට තීන්දු කරමින් එම ලාංකිකයන්ට ජපන් යෙන් ලක්ෂ 6ක ශ්‍රී ලංකා මුදලින් රුපියල් දස ලක්ෂ අනූ තුන්දහස් අටසිය තිස් නමයක් වන්දි මුදලක් ගෙවන ලෙස ටෝකියෝ මහාධිකරණය නියෝග කර තිබේ.

තමා ජපානයෙන් පිටුවහල් කිරීමට එරට ආගමන විගමන අධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා යෙන් මිලියන 10ක වන්දි ඉල්ලා මේ පැමිණිල්ල ගොනු කර තිබෙන අතර, එම පැමිණිල්ල පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේ නියෝගය කර ඇත.

ටෝකියෝ මහාධිකරණයේ සභාපති විනිසුරු යුමේකා හිරාත් මහතා සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට සරණාගත තත්ත්වය නොදීම සම්බන්ධයෙන් නඩු විභාගයක් ලබා ගැනීමට ජපන් ආගමන විගමන දෙපාර්තමේන්තුව අවස්ථාව නොදීමෙන් ජපන් ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බවත්, ඒ අනුව එම ක්‍රියාව නීතියට පටහැණි බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles