පියාඹමින් වාර්තාවක් තැබූ මැණිකේ

0
312

අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රන සවි කරන ලද ”‍මැණිකේ”‍ නමින් නම් කරන ලද මුහුදු ලිහිණියෙකු කිලෝමීටර් 20,000ක් දුරගෙවා පසුගියදා යළිත් තම සිසිර ගමනාන්තය වූ ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත.

හියුග්ලින් ගලූ‍වියකු වන මෙම පක්ෂියා කොළඹ විශ්ව විද්‍යාලයේ පක්ෂි විද්‍යා අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා ඇතුලූ‍ පර්යේෂණ කණ්ඩායමක් විසින් 2021 අපේ‍්‍රල් මාසයේදී මන්නාරමේදී අල්ලාගෙන චන්ද්‍රිකා උපකරණ සවි කර තිබේ. මැණිකේ නමැති මෙම පක්ෂියා කිලෝමීටර් 7880 දුරක් ගෙවා තම නිජබිම වූ උතුරු රුසියාවට ගොස් තිබිණි. යළිත් සිසිර සෘතුවේදි කිලෝමීටර් 11,480 දුරක් ගෙවා පූර්ණ සංක‍්‍රමණ චක‍්‍රයකින් පසු කිලෝමීටර් 19,360ක විශ්මය ජනක දුරක් එක් වසරකදී සම්පූර්ණ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here