දෙමළ ජාතික සංධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති පිල්ලයාන් හෙවත්සි වනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට මඩකලපුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රමණි සිවපාදම් මිය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළාය.
ඒ අනුව සැකකරු 2016.07.21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කෙරිණ.
පසුගිය 2005.12.25 දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාච්ඥාවේ යෙදී සිටි ජෝසප් පරරාජසිංගම් ඝාතනය කරන ලදි. දිනමිණ