පිල්ලයාන් යළිත් ඇතුලට – බැසිල්ගේ නඩුව කල් යයි

0
339

පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් ලබන 02 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද යලි නියෝග කලේය.

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු එම්.ගනේෂරාජාගේ නියෝගයකට අනුවයි.

2005.12.25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාවේ යෙදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් 2015.10.09 දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන අඛණ්ඩව රඳවා තබා විමර්ශන සිදු කරන ලදි.

මේ අතර දිවි නැගුම සහනාධාරලාභීන්ට බෙදාදීමට තිබු රුපියල් මිලියන 33 ක සෙවිලි තහඩු බෙදා හැරීමේ දී  සාවද්‍ය සාපරාධී පරිහණය කළැයි  නීතිපති ගොනු කර ඇති නඩුවේ විභාගය මාර්තු 15 වැනි දා විභාග කරන බව  මහාධිකරණ විනිසුරු එන්.වී. කරුණාතිලක අද  නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here