Saturday, September 21, 2024

පිළිකා ඖෂධ, ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟය නිසා රටේ සෞඛ්‍ය පද්ධතියත් විශාල අවදානමක !

රෝහල් ආරංචි මාර්ග අනුව, පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් වන Chemotherapy (කීමෝ තෙරපි) සඳහා යොදාගන්නා ඖෂධවල දැඩි හිඟයක් පවති. එම ප්‍රතිකාර ක්‍රමය සිදු කරනු ලබන්නේ චක්‍ර (Cycles) ක්‍රමයකට අනුවය. බොහෝ චක්‍ර සති 2 සිට 6 දක්වා පරාසයක පවතී. එක් එක් චක්‍රය තුළ නියමිත ප්‍රතිකාර මාත්‍රා ගණන ද නියමිත Chemotherapy (කීමෝ තෙරපි) චිකිත්සාව මත රඳා පවතී. ඒ අනුව, මෙකී ඖෂධ හිඟවීම හේතුවෙන් පිළිකා රෝගීන් මාරාන්තික අවදානමකට පත්ව සිටී.

ඊට අමතරව කෝවිඩ් පරීක්ෂාව සඳහා යොදාගන්නා රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල ද හිඟයක් පවතින බව වාර්තා වේ. තවමත් කොවිඩ් අවදානම දැඩිව පවතින පසුබිමක ඇන්ටිජන් කට්ටල හිඟයකට මුහුණදීම අතිශය කණගාටුදායකය.

වාර්තා වන අන්දමට දිවයින පුරා රෝහල් වල එක්ස් කිරණ (X-Ray) පරීක්ෂාව, MRI Scan පරීක්ෂාව වැනි පරීක්ෂණ සඳහා යොදාගන්නා ෆිල්ම් (ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කොට මුද්‍රණය වන)වල හිඟයක් ද පවතී.

ඉතාම ඉක්මණින් මෙකී හිඟ පිළිකා ඖෂධ, ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ කිරණ පරික්ෂාවට අදාළ ෆිල්ම් රෝහල් වෙත සම්පාදනය කරගැනීමට කටයුතු නොකළහොත් රටේ සෞඛ්‍ය පද්ධතියට සහ මිනිස් ජීවිතවලට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුවන බව අවධාරණය කළ යුතුය.

Newspedia.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles