Monday, September 23, 2024

පි‍්‍රයන්ත කුමාර ඝාතන නඩුව දිනපතා ඇසීමට තීරණයක් !
දින 14 ක් තුළ අපරාධකරුවන්ට එරෙහිව
නඩු පවරන ලෙසත් පොලිසියට නියෝග කරයි

පාකිස්තානයේ සියල්කොට්හී දී ඉස්ලාම් අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය වීම සම්බන්ධ නඩුව පිළිබඳව පන්ජාබ් පළාත් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

එම පළාත් රජය තීරණය කර ඇත්තේ එම නඩුව දිනපතා විභාග කිරීමට යි.

නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

පළාත් කැබිනට් කමිටු රැස්වීමේ දී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ අදාළ නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් ද සකස් කිරීමට යි.

අධිකරණය දැනුම් දී ඇත්තේ අදාළ නඩුව දින 14ක කාලයක් ඇතුළත ගොණු කරන ලෙසට යි.

එමෙන්ම මෙම නඩු විභාගය බන්ධනාගාරය තුළ දීම සිදු කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් නිදැල්ලේ සිටින බව පාකිස්තානයෙන් ලැබෙන වාර්තා සඳහන් කරනවා.

එම සැකකරුවන් ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව යි පන්ජාබි පොලීසිය පවසන්නේ.

ඉස්ලාම් ආගමට අයත් වැකියක් අඩංගු වූ පෝස්ටරයක් ගැලවූ බවට චෝදනා කරමින් පසුගිය 03 වැනි දා ප්‍රියන්ත කුමාර දියවඩන නමැති ඉංජිනේරුවරයෙකු පාකිස්තානයේ, සියල්කොට් නුවර දී ඝාතනයට ලක් වූයේ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් අතිනි.

එම පිරිස ප්‍රියන්ත මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කොට සිරුර ද පුළුස්සා තිබුණා

එමෙන්ම නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට ද පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.එහිදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බව පංජාබ් ප්‍රාදේශිය පොලීසිය දැනුම් දී ඇත.

එමෙන්ම සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය බන්ධනාගාරය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී අවධානය යොමුව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles