ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිවසේ සියලුම රාජපක්ෂවරුන් පසුගිය දා රැස්ව ඇති බව වාර්තා වෙයි.
මීට දින කිහිපයකට පෙර පැවැති මෙම සාකච්ජාවේදී අගමැතිවරයාත්, චමල් රාජපක්ෂ මහතාත් පී.බී. ජයසුන්දර මහතා ඉවත් කළ යුතු බවට දැඩිව අවධාරණය කොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙහිදී පීබී වෙනුවෙන් අදහස් දක්වා ඇති බැසිල් රාජපක්ෂ මහතා පීබී මේ අවස්ථාවේ ඉවත් නොකළ යුතු බව පෙන්වා දී ඇත.
ඉවත් කළහොත් තමන් පීබීට මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යනුවෙන් තනතුරක් නිර්මාණය කොට එය ඔහුට ලබා දෙන බවද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කොට ඇත.