පී.බී.ගේ ඉල්ලා අස්වීමෙි ලිපිය ජනපති භාරගනී.නව ජනාධිපති ලේකම් අනුර දිසානායක ද ? ගාමිණී සෙනරත් ද ?

0
325

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, පී.බී.ජයසුන්දරගේ ඉල්ලා අස්වීම භාරගෙන ඇති බව වාර්තා වේ.

පී.බීගෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරය සදහා අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් පත්කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

අමාත්‍ය මණ්ඩලයෙන්  විරෝධය පළ වීමත් සමඟ පි.බී ජයසුන්දර සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බව පැවසේ.

ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවහොත් ඔහු 2022 මුල් සතියේදී ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පිටු තුන හතරක පමණ දිගකින් යුක්ත වන අතර ජයසුන්දර මහතා එම තනතුරේ සිටි කාලය තුළ මුහුණ දුන් බාධා පිළිබඳ විස්තර ඇතුළත් බව පැවසේ.

ජයසුන්දර මහතා වෙනුවට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ගාමිණී සෙනරත් හෝ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත්කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here