පී.බී.ව ඉවත් කරන්නැයි මැති ඇමතිවරැ පිරිසක් ජනපතිගෙන් ආවාචනා කරයි

0
308

ජනාධිපති ලේකම් ධුරයෙන් පී බී ජයසුන්දර මහතා ඉවත් කරන්නැයි ඉල්ලා සිටීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

මෑතක දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ලේකම් වරයාව දැඩි ලෙස විවේචනය කිරීමෙන් පසු මෙම පියවර ඉක්මන් වී තිබේ.

මේ පිළිබඳ අමාත්‍ය පිරිසක් එළඹෙන සතියේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පී බී ජයසුන්දර මහතා මෑතකදී තම හිතවතුන් සමඟ සඳහන් කර ඇත්තේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඊට ආසන්නතම හේතුව වී තිබුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඔහුව දැඩි ලෙස විවේචනය කිරීමයි.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here