පුංචි ඡන්දයට තව දින 6 යි! අද අවසන් තීරණය ගනී…

0
614

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා නෙත් නිවුස් වෙත පැවසුවේ මැතිවරණය පැවැත්විය හැකි දිනය හෝ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් හෝ අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි.

පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි දිනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා සිය කොමිසමේ එකඟතාව අද ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ලබාදෙන දිනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට සිය කොමිසමේ සාමාජිකයන් අද රැස්වන බවද ඔහු කියා සිටියා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඉකුත්දා පැවසුවේ අවම වශයෙන් රුපියල් බිලියන 4 යි දශම 5 ක් හෝ ලබාදෙන්නේ නම් මැතිවරණය පැවැත්වීමට හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here