පුංචි ඡන්දය කල් දැමීම ඡන්ද දායකයාට කළ අපහාසයක්වගේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි – පැෆරල්

0
428

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය ගෙන ඇති තීරණය ඡන්ද දායකයන්ට කළ නිගරුවක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය පවසයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බව කියමින් රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වසරකින් කල් දැමීමට තීරණය කර තිබේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ මෙය කොරෝනා හේතුවෙන් සිදුකළ දෙයක් නොවන බව පැහදිළි බවයි. කොරෝනා වසංගත තත්වය තිබිය දී පාර්ලිමේන්තු මහ මැතිවරණය පවා පැවැත්වූ බැවින් වසංගතය මැතිවරණය කල් දැමීමට හේතුවක් නොවන බව හෙතෙම පෙන්වාදෙයි.

මෙයට හේතුව දේශපාලන කාරණා බව ඕනෑම අයකුට පැහැදිළි බව පැෆරල් සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here