Wednesday, January 15, 2025

පුටින්ගේ ක්‍රියාකලාපය ගැන ජගත් මහලේකම්ගේ දෝෂදර්ශනයට

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ ක්‍රියාකලාපය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ සාම සාධක භටයන් ලෙස රුසියානු හමුදා යුක්රේනයේ ඩාන්යෙක් සහ ලුහාන්ස් ප්‍රදේශවලට යැවීම වැරදි ක්‍රියාවක් බවයි.

වෙනත් රටක කොටසක් ලෙස පවතින ප්‍රදේශයකට එම රටේ අවසරයකින් තොරව සාම සාධක හමුදා යවන්නේ කෙසේ ද යන්න එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්‍රශ්න කරනවා.

ඔහු එය හඳුන්වා තිබුණේ විකාර ක්‍රියාවක් ලෙසටයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රුසියාව ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරන බවට චෝදනා කළා.

මේ නිසා රුසියාවට එරෙහිව සම්බාධක පනවන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම ඇමරිකානු භට පිරිස් යුරෝපා රටවලට යැවීමට තීරණය කර තිබෙනවා.

එහි මූලික පියවරක් ලෙස ඉතාලියේ සහ පෝලන්තයේ ඇමරිකානු භට පිරිස් ස්ථාන ගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර ඇමරිකානු අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ චන්ද්‍රිකා ඡයාරූප වලට අනුව බටහිර රුසියාවේ නව හමුදා සහ උපකරණ යෙදවීම් කිහිපයක් පෙන්නුම් කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles