පුටින්ගේ කුමන්ත්‍රණයක් ගැන බ්‍රිතාන්‍යයෙන් චෝදනාවක්

0
285

යුක්රේන තුළ රුසියානු හිතවාදී නායකයෙකු ගොඩ නැගීම සඳහා ජනාධිපති ව්ලැද්මියර් පුටින් කුමන්ත්‍රණයක නිරත වන බව බ්‍රිතාන්‍ය චෝදනා කරනවා.

හිටපු යුක්රේන දේශපාලනඥයෙකු වන යෙව්න් මුරායෙව් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ආක්‍රමණශීලී සහ වැරදි තොරතුරු මත පදනම් වූ ක්‍රියා අවසන් කර රුසියාව රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අනුගමනය කළ යුතු බව බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරයා පෙන්වා දෙනවා.

මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම බ්‍රිතාන්‍ය මේ වනවිටත් අනතුරු අඟවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here